Saturday, June 6, 2015

සෙටප් ෆයිල් ඩවුන්ලෝඩ් කරන විට 99.94% පමණ ඩවුන්ලෝඩ්වී ස්ටක් වෙයි. මෙසේ වෙන්නේ ඇයි?

පරිගණකයේ වයිරස් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා වෙන්නට පුළුවන. මෙය දැන ගෙන දෝෂය නිරාකරණය කර ගන්නට නොමිලේ දෙන වයිරස්ගාඩ් වැඩසටහනක් වෙනත් පරිගණකයක් මගින් ඩවුන්ලෝඩ් කර ගෙන විත්, දෝෂ ඇති පරිගණකයේ ඉන්ස්ටෝල් කර, එහි වයිරස් ඇත්දැයි ස්කෑන් කර බලන්න. මැල්වෙයා බයිට් (Malware byte) වැඩසටහන ඉන්ස්ටෝල් කර වුවත් පරිගණකයේ වයිරස් තිබේදැයි පරීක්ෂා කර බලන්නට පුළුවන. එසේ වයිරස් ඇත්නම් එම වයිරස් ඉවත් කිරීමෙන් අනතුරුව ඩවුන්ලෝඩ් මැනේජර් වැඩසටහන නැවත ඉන්ස්ටෝල් කර බලන්න. එවිටත් දෝෂය පවතී නම් වෙනත් යූසර් එකවුන්ට් එකක් සකස් කර ඒ ඔස්සේ පරිගණකයට පිවිස ඩවුන්ලෝඩ් කිරීම නිසි පරිදි කළ හැකි දැයි බලන්න. මේ උත්සාහ කිසිවක් සාර්ථක නොවුයේ නම් නැවත මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කළ යුතු වෙයි. 

0 comments:

Post a Comment