මේක The SpongeBob Movie: Sponge Out of Water (2015) . IMDb 6.3/10 ක අගයක් අරන් තියනවා. මේක ගොඩක් පරණ ඉදන් තියන කාටුන් කතා මාලාවක්ලු. 1999 වසරේ තමයි මුලින්ම රූපවාහිණියෙ විකාශය වෙලා තියෙන්නෙ. අපේ රටේ එතරම් නැති වුනත් ඇමරිකාව වගේ රටවල කුඩා ළමයි අතර බොහෝ ජනප්‍රිය කාටුන් කතා මාලාවක්. ඒ නිසාම 2011 වසරේ ඉදන් මේ කතාව කොමික් පොත් විදියටත් එළිදක්වලා තියනවාලු.ඒ වගේම ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාත් තියනවාලු. මටත් කිව්වෙත් ඉතින් විකිපීඩියා තමයි.
මේ වෙද්දි චිත්‍රපටි විදියට හතරක් ඇවිල්ලා තියනවා. මේ තමයි හතරවෙනි ස්පොන්ජ්බොබ් චිත්‍රපටිය.

එහෙනම් කතාව කියන්නම්කො. ස්පොන්ජ්බොබ් කියන්නෙ මුහුදු පතුලෙ තියන නගරයක ඉන්න කෙනෙක්. එයා කැමතිම දේවල් තමයි කෑම හදන එක. ක්‍රැබී පැටී (බර්ගර් ) තමයි මෙයා හදන්නෙ. අනික කකුළු මහත්තයානෙ මේවගෙ නියම අයිති කාරයා. ඒ නිසා. ඉතින් මේ කකුළු බනිස් හදන විශේෂ රහස් වට්ටොරුවක් තියනවා. කකුළු මහත්තයා මේක පණ වගේ ආරක්ෂා කරන්නෙ. මොකද මේ නගරෙ අයගෙ ප්‍රධාන කෑම තමයි මේවා. ඒ නිසා මේවා විකුණන එකෙන් කකුළු මහත්තයා හොදට හම්බ කරනවා.
තව හාදයෙක් ඉන්නවා. ප්ලැන්ක්ටන්. එයා හරිම ආත්මාර්ථකාමි නරක කෙනෙක්. එයාගෙ කෑම කඩේට කවුරුත් යන්නෙ නෑ. රස කෑම නැති නිසා. ඉතින් ප්ලැන්ක්ටන් හදන්නෙ කොහොම හරි මේ රහස් වට්ටෝරුව හොරකන් කරලා අයිති කරගන්න. මේක හොරකන් කරන්න ගිහින් එකපාරටම මේ රහස් වට්ටෝරුව අතුරුදහන් වෙනවා. මේ නිසා නගරෙ ලොකු කලබගෑනියක් වෙනවා. ඉතින් ප්ලැනක්ටන් සහ ස්පොන්ජ්බොබ් යනවා වට්ටෝරුවට මොකද වුනේ කියලා බලන්න. පස්සෙ කකුළු මහත්තයා සහ තවත් කීප දෙනෙක් එකතු වෙනවා. අන්තිමේදි මේ වට්ටෝරුව හොයාගෙන කට්ටියට මුහුදු පතුලෙන් ගොඩටම එන්නත් වෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා එහෙනම්.
තව චිත්‍රපටියකින් හමුවෙමු. ජය…
Spongebob The Movie
752 MB Torrent
20C6733EAA07A98B7CE2C78E79BB7697A8A4A9D5
1.44GB Torrent
3161E1EFE9B3534E888F065A233962DB76F02DE1
සිංහල උපසිරැසි www.baiscopelk.com වෙතින් ලබාගත්තකි
0 comments:
Post a Comment