Tuesday, June 2, 2015

ගූගල් වෙතින් Ask Dr Google

ඉදිරි දින කිහිපය තුළ ගූගල් වෙතින් Ask Dr Google නමින් සේවාවක් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.

ගූගල් හි නිශ්පාදක කළමණාකරුවෙකු වන ප්‍රේම් රමාස්වාමි මහතා ප්‍රකාශ කර ඇත්තේ පොදු මහජනයාට තම සෙෘක්‍ය තත්වයන්ට අදාල තොරතුරු හා ගුණාත්මක වෛද්‍ය කරුණු මේ ඔස්සේ ගූගල්් සෙව්ම් යන්ත්‍රය භාවිතා කරමින් ලබාගැනීමට හැකිවනු බවයි. මෙහිදී සාමාන්‍ය රෝග ලක්ශණ හා ඒ සදහා වන ප්‍රතිකාර පෙන්වා මෙන්ම එය වසංගත තත්වයක් හෝ වෙනත් වැදගත් තත්වයක් නම් ඒ සදහා ගත යුතු පියවර මොනවාද යන්න උසස් තත්වයේ වෛද්‍ය සන්නිධර්ශන සමගින් ඉදිරිපත් කෙරෙනු ඇත. ගූගල් සිට ලබා ගන්නා මෙම මූලික තොරතුරු අනුව තම සෙෘඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පර්යේෂන කරන වෛද්‍ය වරුන් සොයා ගැනීමට මෙන්ම වෛද්‍ය වරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මොනවාද යන්න පිළිබදවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.


0 comments:

Post a Comment