මේකට අවශ්‍ය වෙන්නේ San Andreas game එකයි MTA කියන 20mb software එකයි විතරයි
තමන්ට කැමති කාර් ගන්න, සිංදු දාලා නටන්න, කට්ටියත් එක්ක රේස් යන්න, කාර් මොඩිෆයි කරන්න, කඳු තරණය කරන්න වගේ තවත් ගොඩක් දේවල් ඔයලගේ යාළුවොත් එක්ක මේ game එකේදී කරන්න පුළුවන්
ලංකාවේ අයගේ පොඩි Gameplay videos ටිකක් බලලම ඉන්න
how to watch video-right click on pictures and select open with new tab

දැන් අපි බලමු කොහොමද මේක අපේ pc එකට install කරගන්නේ කියල.
ඔයා ලග GTA san andreas game එක නැත්තම් මුලින්ම game එක download කරගෙන ඉන්න.(Sanandreas 692mb)

දැන් san andreas online play කරන්න අවශ්‍ය වෙන MTA software එක download කරගන්න පහලින්.(MTA 20mb)

හරි දැන් san andreas game එක install කරලා නැත්තම් install කරගෙන දෙවනියට MTA software එක install කරගන්න.MTA software එක install කරන විදිය පහලින් දාන්නම්.
ඊලගට ඔයාට MTA SA software එක install කරන්න ඕන තැන දෙන්න (4) ඊට පස්සෙ next ඔබන්න
ඊට පස්සෙ ඔයා GTA San Andreas install කරපු තැන තෝරලා දෙන්න(6) ඊට පස්සෙ install ඔබන්න
හරි දැන් අපි MTA install කරගෙන ඉවරයි.දැන් තියෙන්නේ ගේම් එක ප්ලේ කරන්න
දැන් desktop එකේ මෙහෙම MTA කියල Shortcut එකක් ඇති ඒක click කරන්න
ගේම් එක open වුනාට පස්සේ මුලින්ම තමන්ගෙ nickname එක දාගන්න.ගේම් එකේදී ඔයාව අනිත් අය හදුනා ගන්නේ ඔයාගේ nickname එකෙන්.Nickname එක දාගන්න මුලින්ම settings යන්න පහල රුපයේ විදියට

දැන් තමන්ගෙ නමට ඉස්සරහින් ||SL|| කියල දාගන්න.
ex - ||SL||Maxx
මේකෙන් තමයි ඔයා ලංකාවේ කෙනෙක්ද නැද්ද කියල හදුන ගන්නේ නැත්තන් sl කොල්ලෝ සුද්දෝ කියල මරයි :)
ඊට පස්සේ මතක ඇතුව OK ඔබන්න.

දැන් ලංකාවේ අය ප්ලේ කරන Server එකට කනෙක්ට් වෙලා ගේම් එක ප්ලේ කරන්න තමයි තියෙන්නේ.
quickconnect ඔබන්න

පහල තියෙන Server address එක copy කරගෙන උඩ සුදු address bar එකෙ paste කරල (CTRL+V) දකුනු පැත්තෙ connect බොත්තම ඔබන්න.
Server address එක - mtasa://mta.server.online.lk:22003

(server එකට කනෙක්ට් වෙන පලවෙනි පාර විතරක් 5mb වගේ Data ඩව්න්ලෝඩ් වෙනවා)
දැන් ඉතින් තියෙන්න කට්ටියත් එක්ක ප්ලේ කරන්න තමයි
මේ ගේම් එක ගැන ඔයාලගේ යාලුවන්ටත් කියන්න
මොකක්ම හරි ගැටළුවක් ඇති වුනොත් MTA facebook group එකේ පොස්ට් එකක් දාලා අහන්න.ඒවගේම ඔයා ගේම් එක ප්ලේ කරද්දී ගත්තු ෆොටෝ , වීඩියෝ එහෙමත් fb group එකේ අයත් එක්ක share කර ගන්න
මෙන්න MTA Facebook Group එකේ ලින්ක් එක - https://www.facebook.com/groups/mtasa.

මගේ නම ||KoW||M@xx
server එක ඇතුලට ගියාම කරන්න තියෙන වැඩ කෑලි එහෙම ගැන තවත් පොස්ට් එකක් දාන්නම්
0 comments:
Post a Comment